Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

05 Jun, 2009

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි !

ලිංගික ජවනිකා ඇතුළත් අප්‍රමාණ වීඩියෝ, සිනමා අතරින් එකක් හෝ ජීවිතයේ එක් වරක් හෝ නරඹා නැති අයෙක් ඉන්නවා නම් ඒ % 0 ක් විය හැකියි.(කුහක නොවන්න ,සත්‍ය එයයි.)මේ අප දකින්නේ යථාර්තයමද? ඔවුන් මේ අසීමිත රසාස්වාදය හැබැහින් විඳින්නේද? ගැහැනු ආත්මය පුරා පැතිර ඇති අනන්ත ශුඛ දුක්ඛයන් මැද දෝලනය වන ජීවිතය…..!

තළුමරමින් රස විඳින ඒ ජවනිකා යට ඇති අතිශය කටුක, අමිහිරි යථාර්තය විදහා දැක්වෙන විශිෂ්ඨ සිනමා වක් අත්විදිනු රිසි (බුද්ධියෙන්) වැඩිහිටියන් පමණක් නරඹත්වා! (මෙම චිත්‍රපටය හඳුන්වා දීම සංස්කෘතිය සදාචාරය ඉක්මවා යන නොහොබිනා ක්‍රියාවක් ලෙස දකින්නන් ගැන උරණ නොවෙමි.)

http://www.mininova.org/get/1761781


17 May, 2009

ලෝකයේ විශිෂ්ඨතම හමුදාවට ඡයවේවා!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

14 May, 2009

මළ සේක…!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

පහු ගිය දවස් වල රීඩර් එකෙන්වත් සිංහල බ්ලොග් කියවන්න ඉඩක් ලැබුනේ ඉතා අඩුවෙන්.රඡයේ හෝ සමාගමක රැකියාවක් කරන පිංවතුන්ලට නම් දවසේ කොයි වෙලාවක හරි වචන පහක්වත් ලියාගන්න ඉඩක් ලැබෙනවානේ.මට නම් වැඩ වලට අමතරව ලෙඩකුත් වැටුනනේ. බොහෝ අය වගෙ මමත් ආරක්ෂකයා හැටියට බඳවගෙන හිටියෙ AVAST.ගිය සතියේ ටොරන්ට් 5ක් බාන්න දාල නිදාගත්තා.මල සේක..! උදේ බලද්දී මේයකා(අවාස්ත් වයිරස් ගාඩ් එක) මට කිසිම තැනකට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ.CONTROL PENEL-ADD OR REMOVE-ගිහින් විසඳුමක් ගන්න දෙන්නෙත් නෑ.UNINSTALL කරන්න දෙන්නෙත් නෑ.PROGRAM FILES වල හැංගිලා ඉඳලා අල්ලගත්තා.මොන ශිල්ප දැම්මත් මෙයා පිස්සු කෙළිනවා.රාත්‍රියේ හොල්මනකට බයවෙලා.මට මෙයා එක්ක නාඩගං නටන්න වෙලාවක් නෑ.මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝඡනය ගන්න හිතාගෙන, ‘එළිසබෙත්” නැන්දාගෙ රටේ ඉන්න අක්කට කථාකරල එයාලගෙ ආයතනයේ පරිහරනය කරන genuine windowsපිටපතක් සමඟ kaspersky2009 ‍ගෙන්වා ගෙන දැම්මා orginal බඩු. පාටිෂන් එකයි,මගේ නමයි,key එකයි විතරයි දෙන්න තිබුනේ.update වෙලා IE8-WMP11 එක්ක ලස්සනට වැඩ.( FOSS කට්ටියගෙ නම් කට පොපියනවා ඇති. බනින්න, අවසරයි ! ) kaspersky 9 තරමක් දරදඩු වැඩිද මන්දා.හැම එකටම හොට දාන එක වෙලාවකට කරදරයක්.     (2 වැනි කොටස බලාපොරොත්තු වන්න.)

04 May, 2009

ඇඳුම ලොකු වැඩියි.

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සමහර සිංහල බ්ලොග් පිටුව පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.හරියට photoshop වගේ.සමහර පිටු වලට උපාංග අවශ්‍යයිළු. අපට නම් දැල වටේ කරක් ගහලා ආයිත්තම් හොයාගන්න පුළුවන් කියමුකෝ, ඒ වුනාට යන්තරේ ගත්ත ගෙනාව විදියටම (සම්පත් හෝ මුදල් හිගය-දුරකථන සබඳතා නැති-නොදන්නා-පරන මයිනර් වගේ වෙනස් කරන්න අකමැති-බය)පරිහරනය කරන අය මේ වාගේ ලස්සන තොරන් බලන්නෙ කොහොමද? කොන්ත නෝනගෙ කොන්ඩෙ කොන්ත නෝනට ඕන ඕන විදිහට හරව හරව බඳින්න කාගෙන්වත් අවසර ඕන නැහැ තමයි.නමුත් ඉතිං..අනේ මන්දා අපේ අය හිතා බලත්වා !නව විලාසිතා නව තාක්ෂණය‍ පොතට විතරක් නොව, ක්‍රියාවට සම්බන්ද කර නොගැන්නා ඡාතිය එක තැනමයි.මම අදහස් කරන්නේ සරල සිංහල බ්ලොගයකට සමහර ආභරණ බර වැඩි බවයි. උදාහරන සැපයීම වරදක් වේ දෝ යන හැඟීමෙන් නම් කිරීමෙන් වැලකී සිටිමි.පසු වදන-, මෙහි තිබූ පින්තූර ඉවත් කරණ ලදී.

ටැග:

02 May, 2009

නම ලස්සනයි.. ඒ වුනාට..

පළකරන ලද්දේ : meegodaya විසින් මෙහෙමත් විකාර තුලයි.

දැන් කාලේ සමහරැන්ගේ නම් අහන්නත් බයයි,මොකද හිටි ගමන් බකස් ගාලා හිනා යන නම් තමයි සමහර අයට දාල තියෙන්නේ.(අපි මේ බ්ලොග් එකකට නමක් දා ගන්නේ අළුත් අදහසක් හෝ සිංහල ආරේට  ගැලපෙන්න.මම මීගොඩයා කියල දැම්මෙ අවංකවම සිංහල ගැමි ස්වරෑපයකට ආස නිසා.අනික තාමත් නාගරීකරනය නොවූ ආසන්න යේ තිබෙන ලස්සන ගමක්. හරියට “මැගී” වගේ)

ගිය 30 වැනිදා නිවාස සැලසුමක් බලන්න ගෙදරකට යන්න වුනා. ඒ ගෙදර ළමාතැනී ගෙට ගොඩ වෙන කොටම කියාපි,හායි! මම අයෝනිකා,මේ හස්බන්ඩ් විරසක කියලා.හිනා වෙන්න හොඳනෑ.ඒ වුනාට මම හිනාව පාලනය කර ගත්තෙ අමාරැවෙන්.අයෝනිකා කියන්නේ ස්ත්‍රී…. නැති කෙනා.එහෙම වුනාම මහත්තයා ඉතිං විරසක නොවී කොහොමද ?බලන්න සමහර අය(දෙමව්පියන්-ළඟ ඥාතීන්) දාන නම්වල හැටි.ඉංග්‍රීසි පන්නයට හැදුන අය බලන්නේ සිංහලේ නිතර භාවිතා නොවන ඉංග්‍රීසියට ගෑවී යන නමක් දාන්න. සදෝස්-මලින-අවිනීස්  වගේ.එහෙම නම්වල තේරැමක් නෑ.මම දන්න හොඳටම වයසක සීයා කෙනෙකුගේ නම බබා. පංතියේ හිටියා නුපූර්න  කියලා අලියෙක් වගේ යාළුවෙක්.අනික නමක් තියද්දී සෑහෙන දුරට සර්ව කාලීන නමක් තියන්න දුර දිග දැක්මක් අවශ්‍ය නෑ.මහින්ද,විඡිත වගේ නම් කොයි කාලෙටත් ගැලපෙන ඒවා.අර අයෝමා,පාලිත, යසෝමා කියන දරැවන්ගේ නම් එකතු කරලා ගෙදරට අපාය කියලා නම තිබ්බා වගේ.අහල පහල ලොකු ගෙවල් වලට දාල තියෙන සඳකැන් විලා, සිතුම් විලා,ආදී නම් දැකපු හැමදාම බූරැ ගහලා පරාද වෙන ගුනේ එයාගේ ගෙදරට නම දැම්මළු කෙළ-විලා කියලා.මේක මගේ අත්දැකීමකින් ලියන්න හිතුනට ඊට වඩා අපූරැ නම් ඔයාලා දන්නවා ඇති නේද?

28 Apr, 2009

වෙලාව බලා ගනිල්ලා…!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඔබලා හැමෝම ඉඩක් ලැබෙන අවස්ථාවල මේ ඉරී.. ලංකාවේ පින්තූරවාහිනී එකක් හෝ බලනවා ඇති නේ .හතේ ප්‍රවෘත්ති,අටේ ප්‍රවෘත්ති, දහයේ ප්‍රවෘත්ති,හැට හුටහමාරක් වෑරලස් ආදියේ වෙලාව සංසන්ධනය කරලා නිකං හරි හිතුවාද මේ කියන වෙලාව නියම වෙලාවද ? ඔළුව හතා…යි කියන්නත් පෙර පවුල(ගේ) එක හතපැනලා.රත්තරංගෙ එක අටා…යි කියන කොට භූමියාගේ  මල පැනලා.අඩු තරමේ අර (උන්ගේ ඡාතික) කියාගන්නා වාහිනියවත් හරි වෙලාව පෙන්වනවාද ? වෑරලස් ඊටත් එහා.අනේ අපේ වෙලාව…!

27 Apr, 2009

DIALOG CUSTOMER-ට කෙළියා !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

විශේෂ දීමනාවක් යටතේ ඩයලොග්ලා 2008 ඡනවාරියේ පුළුල් පරාස සම්භන්ධතාවය රැ,3000/කට දුන් අවස්ථාවේ මමද නුගේගොඩින් 3400ක් ගෙවා ඉල්ලුම් කලා.(දිනය,2008-2-9)මාසයකට පසු තිදෙනෙක් පැමින පැය ගනනාවක් උත්සාහ කලමුත්, නිරවුල් සබඳතාවයක් නොලැබුන හෙයින් මුදල් ආපසු ලබා ගැනීමට රිසිට් පතක් දී ඔවුන් පිටව ගියා.එදා මෙදා තුර මම දහ වතාවක්ම මේ වෙනුවෙන්ම නොවුනත් නුගේගොඩට ගොස් විමසූ විට ඔවුන් කියා සිටියේ ම‍ට හිමි චෙක් පත අස්ථානගත ව් ඇති හෙයින් නැවත පැමිනෙන්න කියාලා.මෙන්න INVOICE අංකයCA11(———). මට ඩයලොග් මහත්.රැන්ගෙන් ඇසීමට ප්‍රශ්ණ 3ක් තිබේ.1මෙලෙස පාරිභෝගිකයන් කී දෙනෙකුගේ මුදල් අස්ථානගත වී තිබේද?(මෙහිදී මුදලේ වටිනාකම  ගැටළුවක් නොවේ) 2 තාක්ෂණික හෝ කුමන හේතුවක් මත සබඳතාවය නොලැබුනද,මගේ මුදල ගෙවන්නේ කවදාද? 3 මෙලෙස පාරිභෝගිකයන් රස්තියාදු කරවන්නේ ඇයිද? කීර්තිමත් සමාගමක් වන ඔබලාට හේතු දැක්විය හැකිනම්,(3400නිසා නොව) මට කල නොසලකා හැරීම වෙනුවෙන් මීට වඩා යමක් කිරීමට මටද අයිතිවාසිකමක් තිබේ.

26 Apr, 2009

බුද්ධිමත් ඡන්ද දායකයා….?

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

බ-ප, බ.. පොරය අවසානයි.ප්‍රථිඵලය..!

26 Apr, 2009

අය්යය්යෝ සිංහල….!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අද ටිකක් “බිසි” වුනයි කියමුකෝ.(රාඡකාරි හෝ පුද්ගලික වැඩ නෙවෙයි, බ-ප ඡන්දේ .අනේ අපිට නම් ඇති හරයක් නෑ.)මේං..පටන් ගත්තා විතරයි.. නිර්නාමික ඇමතුම් 2ක් !. මොකක්ද බං ඔය සිංහල බ්ලොග් මඟුල..! ඕකේ මොනවද ගන්න දෙයක් තියෙන්නෙ,ලෝකේ කීයෙන් කී දෙනාද ඕක බලන්නේ,මොකටද උඹේ පින්තූරේ දැම්මෙ.(නඩු අවනඩු ගොඩයි)

එයාලට මම නියම උත්තරේ දුන්නා,!(නමුත්..මහා පරිමානේ ප්‍රශ්න අතර මම හිර වුනා)

1 මොකක්ද මේ සිංහල ලැඡ්ඡාව ?

2මේ උතුමන්ලා ඉපදුනේ කොහෙද ?

3හදිසියේ මොකක් හරි ඇඟේ කෑල්ලක් කැඩුනොත්-බිඳුනොත් බෙරිහන් දෙන්නේ කුමන භාෂාවෙන්ද?

4මේ උපන් රටේ කඩ්ඩෙන් සැබෑ ලෙන්ගතු කමක් “මමීට “වත් දෙන්න පුළුවන්ද?

5පරිඝණකය අත පත ගෑ සුවහසක් පිරිසට “කඩ්ඩ මිස සිංහල නැත “මිථ්‍යාවෙන් ගලවා ගන්නට මේ උත්සාහයම මදිද?

6ආච්චිට හාල් ගරන්න අපේම අය දහයක් වත් සිංහලෙන් කොම්පුටරේ ලියන කියන එක මදිද?

26 Apr, 2009

අහෝ ටෙලිකොම් ..!

පළකරන ලද්දේ : meegodaya විසින් මෙහෙමත් විකාර| වර්ගීකරණය නොකළ තුලයි.

ටෙලි කොම් දුරකථනයක් සඳහා කල  ඉල්ලීම් ගනනාවකට පසු අප නිවසට මීටර් 330 දුර  ඉඳලා වයර් ඇදලා දුරකථනයකුත් හයි කරා කියමුකෝ. අදට(අප්‍රේල් 26)මාස 3යි දින21යි. තවම සම්බන්ධතාවය නැත.කොහොමද ටෙලිකොම් වැඩ..!