Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

26 Apr, 2009

අය්යය්යෝ සිංහල….!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අද ටිකක් “බිසි” වුනයි කියමුකෝ.(රාඡකාරි හෝ පුද්ගලික වැඩ නෙවෙයි, බ-ප ඡන්දේ .අනේ අපිට නම් ඇති හරයක් නෑ.)මේං..පටන් ගත්තා විතරයි.. නිර්නාමික ඇමතුම් 2ක් !. මොකක්ද බං ඔය සිංහල බ්ලොග් මඟුල..! ඕකේ මොනවද ගන්න දෙයක් තියෙන්නෙ,ලෝකේ කීයෙන් කී දෙනාද ඕක බලන්නේ,මොකටද උඹේ පින්තූරේ දැම්මෙ.(නඩු අවනඩු ගොඩයි)

එයාලට මම නියම උත්තරේ දුන්නා,!(නමුත්..මහා පරිමානේ ප්‍රශ්න අතර මම හිර වුනා)

1 මොකක්ද මේ සිංහල ලැඡ්ඡාව ?

2මේ උතුමන්ලා ඉපදුනේ කොහෙද ?

3හදිසියේ මොකක් හරි ඇඟේ කෑල්ලක් කැඩුනොත්-බිඳුනොත් බෙරිහන් දෙන්නේ කුමන භාෂාවෙන්ද?

4මේ උපන් රටේ කඩ්ඩෙන් සැබෑ ලෙන්ගතු කමක් “මමීට “වත් දෙන්න පුළුවන්ද?

5පරිඝණකය අත පත ගෑ සුවහසක් පිරිසට “කඩ්ඩ මිස සිංහල නැත “මිථ්‍යාවෙන් ගලවා ගන්නට මේ උත්සාහයම මදිද?

6ආච්චිට හාල් ගරන්න අපේම අය දහයක් වත් සිංහලෙන් කොම්පුටරේ ලියන කියන එක මදිද?

"අය්යය්යෝ සිංහල….!" සඳහා ප්‍රතිචාර 5 යි

1 | nilanthadhammika

April 27th, 2009 at am 6:28

Avatar

That’s right මීගොඩයා. සිංහල use කරනකොට ඔය වගේ problems එනවා. so we should not care about that. සිංහල කිව්වහම කවුද ගනන්ගන්නෙ. සිංහල sentence එකක් කියනකොට at least seventy five percent වත් English mix කරල කියන්න ඕනි. එතකොට තමයි හරියට සිංහල ඉගෙනගෙන මාසයක් වත් ගිහින් නෑ වගෙ පේන්නෙ. නැත්තං කවුරුවත් care කරන්නෙ නෑනෙ. do you understand
මචං.
(ආච්චිගෙ රෙද්ද. ඕකුංගෙ උප්පැන්නෙ ඉල්ලගෙන බලපං උපන් ස්ථානය එංගලන්තෙ හන්දියද කියල.)

2 | නුවන්

April 27th, 2009 at pm 3:55

Avatar

අම්මපා බං

3 | පොඩ්ඩා

April 28th, 2009 at am 2:13

Avatar

ඉස්සර නම් සිංහලෙන් වැඩ කරන්න ගොඩාක අමාරු උනා දැන් ඉතින් තියෙනවනේ. ඒක නිස හරි පහසුයි.
වෙන මොන කතාද බං…………..
මොන කඩු කාරයා උනත් ගහන්න පන්නන කොට බුදුඅම්මො….
කියලා කෑගහන්නෙ සිංහලෙන් නේ.
ඇයි කකුල පැටලිලා වැටෙන්න යනකොට @&*??/ කියන්නෙත් කඩ්ඩෙන් ද?

4 | තේජාන් රත්නායක

June 9th, 2009 at am 9:22

Avatar

ඕක මචං ලෙඩක්. දූපත් මානසිකත්වය කියන්නේ ඕකට ද මන්දා. අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ ‍programming ඉංග්‍රීසි ආශ්‍රිතව පටන් ගත්ත නිසා computer වලට සම්බන්ධ හැම මළ හත්තිලවුවක්ම කරන්න ඕන ඉංග්‍රීසියෙන් කියලා. programming languages දියුණු වෙලා ඕනම Language එකකින් කරන්න පුලුවන් කාලයක් එන්නත් තව වැඩි කාලයක් යන එකක් නෑ. අනික දැන් දැන් web addresses පවා localize කරගෙනනේ එන්නේ. ඔය මෝඩ තර්ක එතකොට ඉවරයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න එකේ වැදගත් කමයි, සිංහල අමතක කරලා හැම මගුලටම ඉංග්‍රීසි පාවච්චියයි කියන්නේ 02ක් කියලා අපේ මිනිස්සුන්ට මේ කපේදි තේරුම් යන එකක් නම් නෑ මම හිතන්නේ.

අනික අපි ලියන blogs කියවන්න අපේ මිනිස්සු එනවා මිසක් ලෝකේ පුරාම ඉන්න මිනිස්සු පෝලිම් ගැහිලා අපේ blogs කියවන්න එන්න උන්ට කැසිල්ලක් නෑ කියලා මේ යක්කුන්ට තේරෙන්නේ නැති හැටි. අපේ blogs ලෝකේ ඉන්න වැඩිම සෙනගක් අතරට යවන්න නම් ඕන හොඳම දේ චීන භාෂාවෙන් blogs ලියන එකයි. මොකද අදටත් ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන භාෂාව හා වැඩිම net users ලා ගාණක් ඉන්නේ චීනේ. (විශ්වාස නැත්නම් ආපහු කියවන්න.!!!)

5 | meegodaya

June 9th, 2009 at pm 12:00

Avatar

තේජාන් – සහතික ඇත්ත ! අනිත් හැමෝම තම මව් භාෂාව අගය කරද්දී අපේ අය පර සුද්දෝ වෙන්නනෙ හදන්නේ.

ප්‍රතිචාර පෝරමය