Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

27 Apr, 2009

DIALOG CUSTOMER-ට කෙළියා !

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

විශේෂ දීමනාවක් යටතේ ඩයලොග්ලා 2008 ඡනවාරියේ පුළුල් පරාස සම්භන්ධතාවය රැ,3000/කට දුන් අවස්ථාවේ මමද නුගේගොඩින් 3400ක් ගෙවා ඉල්ලුම් කලා.(දිනය,2008-2-9)මාසයකට පසු තිදෙනෙක් පැමින පැය ගනනාවක් උත්සාහ කලමුත්, නිරවුල් සබඳතාවයක් නොලැබුන හෙයින් මුදල් ආපසු ලබා ගැනීමට රිසිට් පතක් දී ඔවුන් පිටව ගියා.එදා මෙදා තුර මම දහ වතාවක්ම මේ වෙනුවෙන්ම නොවුනත් නුගේගොඩට ගොස් විමසූ විට ඔවුන් කියා සිටියේ ම‍ට හිමි චෙක් පත අස්ථානගත ව් ඇති හෙයින් නැවත පැමිනෙන්න කියාලා.මෙන්න INVOICE අංකයCA11(———). මට ඩයලොග් මහත්.රැන්ගෙන් ඇසීමට ප්‍රශ්ණ 3ක් තිබේ.1මෙලෙස පාරිභෝගිකයන් කී දෙනෙකුගේ මුදල් අස්ථානගත වී තිබේද?(මෙහිදී මුදලේ වටිනාකම  ගැටළුවක් නොවේ) 2 තාක්ෂණික හෝ කුමන හේතුවක් මත සබඳතාවය නොලැබුනද,මගේ මුදල ගෙවන්නේ කවදාද? 3 මෙලෙස පාරිභෝගිකයන් රස්තියාදු කරවන්නේ ඇයිද? කීර්තිමත් සමාගමක් වන ඔබලාට හේතු දැක්විය හැකිනම්,(3400නිසා නොව) මට කල නොසලකා හැරීම වෙනුවෙන් මීට වඩා යමක් කිරීමට මටද අයිතිවාසිකමක් තිබේ.

"DIALOG CUSTOMER-ට කෙළියා !" සඳහා ප්‍රතිචාර 6 යි

1 | Namal

April 27th, 2009 at pm 2:04

Avatar

ඔයා යන්න DIALOG හෙඩ් ඔෆිස් එකට. එහෙම කරන්නෙ කොහොමද. මට එහෙම කලානම්…………. ඔයා කේස් එකක් අදින්න. අපි මොන කරන්නද එයාලගෙ අස්තාන ගතවිමට. ඇයි ඒ දවස් වල අපෙන් coll එකකින් විනාඩියට රු 14 -15 ගත්ත සල්ලි ඕකුන් ලග ඇතිනෙ, එවයින් ගෙවන්න බැරියැ.

2 | djmuthu

April 27th, 2009 at pm 2:20

Avatar

dailog විතරක් නෙවෙයි හැමතැනම ඔහොමයි..
නිකන් අරින්න එපා පුළුවන් හැම දවසෙම යන්න පාරභෝගික සෙවයට කෝල් කරන්න. පුළුවන් තරම් උන්ට වදයක් වෙන්න එතකොට වැඩේ ගොඩ දාගන්න පුළුවන්..

3 | සසික නානායක්කාර

April 27th, 2009 at pm 3:20

Avatar

ඔකට තමයි කියන්න‍නේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා.
අපිට ගහන්න ඔනේ මෙවගේ හිගන්නොන්ගෙන් ඉන්ටනෙට් කනේක්ෂන් ගන්න යනවට.
මෙතෙන්ටත් ලියන්න http://www.dialog.lk/en/cs/feedback/index.html තදින්ම ඉන්න.

4 | නුවන්

April 27th, 2009 at pm 3:52

Avatar

මාත් ඔය සම්බන්දතාවය නුගේගොඩින්මයි ගත්තේ.
ඒක සවිකරන්න ඇවිත් පැය ගණනක් උත්සහ කර බැහැයි කියා.
ආපසු මුදල ලබාගැනීමට නුගේගොඩ ශාඛාවට ඉදිරිපත් කරන්නැයි
ලිපියක් දුන්නා.මම එම ලිපිය භාර දී සති දෙකකින් හෙඩ් ඔෆිස් එකෙන්
‍කෝල් කර කිව්වා එම චෙක්පත නුගේගොඩ ශාඛාවට එවා ඇති බවත්,
එහි පැමිණ එය ලබාගන්නා ලෙසත්…
මං එහි ගියවිට කීවේද ඔවැනිම කතාවක්.‍‍
ඒත් මං එපමණකින් නැවතුනේ නැහැ.
අස්ථානගත වී ඇත්නම් අස්ථානගතවී ඇත්තේ මෙහි බවත්,
හෙඩ් ඔෆිස් එකෙන් එම චෙක්පත මෙහි එවා ඇති බව මට කී බවත්
පවසා කරුණාකර පොඩ්ඩක් එය සොයාබලන ලෙස ඉල්ලා සිටියා.
මෙන්න මිනිත්තු කිහිපයකට පමණ පසු එය රැගෙන එම සේවිකාව
පැමිණියා… සමාවන්න සර් කියලා කියමින්

උඹට මම කියන්නේ මචං කතාකරපන් හෙඩ් එකාලට.එතකොට උන් කියයි ඒක එවලාද නැද්ද කියලා.එවලානම් පලයන් නුගේගොඩ උන්ගේ මඩමට… එතකොට කියයි ඒ හැත්ත… ටිකක් ඉන්න සර් හොයලා දෙන්නම් කියලා.මචං බය නැතුව ටෝක් කරපන්.උන් අපේ පුක ලෙවකන්න ඉන්න එවුන්…ටෝක් කරලා සීන් එක ගොඩදාගන්න පුළුවන්.
අපිට කියපන් ගොඩදාගත්තාම

5 | ගයාන් කල්හාර

April 27th, 2009 at pm 8:49

Avatar

ඔයාගෙ බ්‍රාන්ච් එකේ ඔයත් එක්ක ගණුදෙනු කරන කෙනාගෙ නම බලාගෙන. හෙඩ් ඔෆිස් එකට ඩිරෙක්ට් කම්ප්ලේන් එකක් දාන්න. එතකොට මොකඛරි පියවරක් ගන්නවමයි. ගොඩක් වෙලාවට වෙන්නෙ, පහල මට්ටමේ අයට කරන්න දෙයක් නෑ. චෙක් එක ඉශු වෙලා නෑ ඩෙපාට්මන්ට් එකෙන්.
බය වෙන්න එපා ලබන සිංහල අවුරුද්දට කලින් ගන්න පුලුවන්

හැබැයි කීපාරක් රස්තියාදු වෙන්න වෙයිද කියල කියන්න බෑ.. ඕය අස්ථානගත් වීම උන පලවෙනිය ඔයා නෙමෙයි

6 | මාලින්ද

May 4th, 2009 at am 10:49

Avatar

ඒක හරි. අත අරින් එපා. සමහරුන්ගෙ සිග්නල් අප්සට් ‍ගියා‍ට එයාල ආව ගාස්තුව මුල් දවස් වල අරන්. දැන්නම් කොහොමද දන්නෙ නෑ

ප්‍රතිචාර පෝරමය