දැන් කාලේ සමහරැන්ගේ නම් අහන්නත් බයයි,මොකද හිටි ගමන් බකස් ගාලා හිනා යන නම් තමයි සමහර අයට දාල තියෙන්නේ.(අපි මේ බ්ලොග් එකකට නමක් දා ගන්නේ අළුත් අදහසක් හෝ සිංහල ආරේට ගැලපෙන්න.මම මීගොඩයා කියල දැම්මෙ අවංකවම සිංහල ගැමි ස්වරෑපයකට ආස නිසා.අනික තාමත් නාගරීකරනය නොවූ ආසන්න යේ තිබෙන ලස්සන ගමක්. හරියට “මැගී” වගේ)
ගිය 30 වැනිදා නිවාස සැලසුමක් බලන්න ගෙදරකට යන්න වුනා. ඒ ගෙදර ළමාතැනී ගෙට ගොඩ වෙන කොටම කියාපි,හායි! මම අයෝනිකා,මේ හස්බන්ඩ් විරසක කියලා.හිනා වෙන්න හොඳනෑ.ඒ වුනාට මම හිනාව පාලනය කර ගත්තෙ අමාරැවෙන්.අයෝනිකා කියන්නේ ස්ත්‍රී…. නැති කෙනා.එහෙම වුනාම මහත්තයා ඉතිං විරසක නොවී කොහොමද ?බලන්න සමහර අය(දෙමව්පියන්-ළඟ ඥාතීන්) දාන නම්වල හැටි.ඉංග්‍රීසි පන්නයට හැදුන අය බලන්නේ සිංහලේ නිතර භාවිතා නොවන ඉංග්‍රීසියට ගෑවී යන නමක් දාන්න. සදෝස්-මලින-අවිනීස් වගේ.එහෙම නම්වල තේරැමක් නෑ.මම දන්න හොඳටම වයසක සීයා කෙනෙකුගේ නම බබා. පංතියේ හිටියා නුපූර්න කියලා අලියෙක් වගේ යාළුවෙක්.අනික නමක් තියද්දී සෑහෙන දුරට සර්ව කාලීන නමක් තියන්න දුර දිග දැක්මක් අවශ්‍ය නෑ.මහින්ද,විඡිත වගේ නම් කොයි කාලෙටත් ගැලපෙන ඒවා.අර අයෝමා,පාලිත, යසෝමා කියන දරැවන්ගේ නම් එකතු කරලා ගෙදරට අපාය කියලා නම තිබ්බා වගේ.අහල පහල ලොකු ගෙවල් වලට දාල තියෙන සඳකැන් විලා, සිතුම් විලා,ආදී නම් දැකපු හැමදාම බූරැ ගහලා පරාද වෙන ගුනේ එයාගේ ගෙදරට නම දැම්මළු කෙළ-විලා කියලා.මේක මගේ අත්දැකීමකින් ලියන්න හිතුනට ඊට වඩා අපූරැ නම් ඔයාලා දන්නවා ඇති නේද?
Recent Comments