Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

02 May, 2009

නම ලස්සනයි.. ඒ වුනාට..

පළකරන ලද්දේ : meegodaya විසින් මෙහෙමත් විකාර තුලයි.

දැන් කාලේ සමහරැන්ගේ නම් අහන්නත් බයයි,මොකද හිටි ගමන් බකස් ගාලා හිනා යන නම් තමයි සමහර අයට දාල තියෙන්නේ.(අපි මේ බ්ලොග් එකකට නමක් දා ගන්නේ අළුත් අදහසක් හෝ සිංහල ආරේට  ගැලපෙන්න.මම මීගොඩයා කියල දැම්මෙ අවංකවම සිංහල ගැමි ස්වරෑපයකට ආස නිසා.අනික තාමත් නාගරීකරනය නොවූ ආසන්න යේ තිබෙන ලස්සන ගමක්. හරියට “මැගී” වගේ)

ගිය 30 වැනිදා නිවාස සැලසුමක් බලන්න ගෙදරකට යන්න වුනා. ඒ ගෙදර ළමාතැනී ගෙට ගොඩ වෙන කොටම කියාපි,හායි! මම අයෝනිකා,මේ හස්බන්ඩ් විරසක කියලා.හිනා වෙන්න හොඳනෑ.ඒ වුනාට මම හිනාව පාලනය කර ගත්තෙ අමාරැවෙන්.අයෝනිකා කියන්නේ ස්ත්‍රී…. නැති කෙනා.එහෙම වුනාම මහත්තයා ඉතිං විරසක නොවී කොහොමද ?බලන්න සමහර අය(දෙමව්පියන්-ළඟ ඥාතීන්) දාන නම්වල හැටි.ඉංග්‍රීසි පන්නයට හැදුන අය බලන්නේ සිංහලේ නිතර භාවිතා නොවන ඉංග්‍රීසියට ගෑවී යන නමක් දාන්න. සදෝස්-මලින-අවිනීස්  වගේ.එහෙම නම්වල තේරැමක් නෑ.මම දන්න හොඳටම වයසක සීයා කෙනෙකුගේ නම බබා. පංතියේ හිටියා නුපූර්න  කියලා අලියෙක් වගේ යාළුවෙක්.අනික නමක් තියද්දී සෑහෙන දුරට සර්ව කාලීන නමක් තියන්න දුර දිග දැක්මක් අවශ්‍ය නෑ.මහින්ද,විඡිත වගේ නම් කොයි කාලෙටත් ගැලපෙන ඒවා.අර අයෝමා,පාලිත, යසෝමා කියන දරැවන්ගේ නම් එකතු කරලා ගෙදරට අපාය කියලා නම තිබ්බා වගේ.අහල පහල ලොකු ගෙවල් වලට දාල තියෙන සඳකැන් විලා, සිතුම් විලා,ආදී නම් දැකපු හැමදාම බූරැ ගහලා පරාද වෙන ගුනේ එයාගේ ගෙදරට නම දැම්මළු කෙළ-විලා කියලා.මේක මගේ අත්දැකීමකින් ලියන්න හිතුනට ඊට වඩා අපූරැ නම් ඔයාලා දන්නවා ඇති නේද?

"නම ලස්සනයි.. ඒ වුනාට.." සඳහා ප්‍රතිචාර 19 යි

1 | ප්‍රවීන් ඉන්ද්‍රනාම

May 2nd, 2009 at pm 11:50

Avatar

හික්.. :D සහතික ඇත්ත කතාව !

මම දැක්කා එක පාරක් අපේ ඉස්කෝලෙ 1 වසරෙ පංතියක ලමයෙක්ගෙ නමක් තිබුණා “පංකජ” කියල ! අනේ මංද, මී හරකෙක් වත් ද දන්නෑ :D

ඊට හපන් අහුබුදු මහත්තයා දාන නම්. බරසාර තේරුමක් තියෙනවා වෙන්න පුලුවං. ඒත් ඉතිං කාටවත් කියවගන්න බැරි දිව උලුක් වෙන නමක් දාගෙන මොකක්ද ඇති පලේ?

2 | Unknown author

May 3rd, 2009 at am 12:06

Avatar

රුක්අත්තන ගහක් ළඟ තියෙන නිසා එක්කෙනෙක් ගෙදරට නම් දැම්මලු රුක-විලා කියල. ‍මේක දැකල හික් ගහක් ගේ ළඟ තියෙන කෙනෙක් ගෙදරට නම දැම්මලු **-විලා කියල :D

3 | අනූ

May 3rd, 2009 at am 12:21

Avatar

ඇත්තටම අහුබුද මහත්තයගෙ අපබ්‍රංස නම් නං විකාර වගේ. රුපියල් කීයක්ද ගෙව්වාම කලින් ලියල තියාගත්තු නම් ටිකක් ෆැක්ස් කරල එවනව.

එක එක ව්‍යපාර වලට නම් දාන්නෙත් හරියට හිතන්නෙ නැතුව. අල්ලපු ගෙදර ගෑනු ළමයගෙ තාත්තා එයා පවත්වං යන මිරිස් මෝල නම්කලේ දුවගෙ නමින්. ගෑනු ළමය පාරෙ යනකොට කොල්ලො කෑ ගහනව මිරිස් මෝල කියල.

4 | chrishi

May 3rd, 2009 at am 8:01

Avatar

මගෙත් යාළුවෙක් ඉන්නවා ටිකිරි කියලා අනේ මන්ද කවදා වෙනකන් ටිකිරි වෙලා ඉන්නද කියලා.

5 | රවින්ද

May 3rd, 2009 at am 8:25

Avatar

බුවහාහ් හාහ්
එළ කිරි කතාම සහතික ඇත්ත. මසුරන් නැති උනත් රුපියල් පහක්වත් කටේ දාන්න වටිනවා.

6 | meegodaya

May 3rd, 2009 at am 8:27

Avatar

@අනූ
@ප්‍රවීන්-අහුබුදු මහත්තය විතරක් නෙවෙයි පන්ඩිතමානී ගතිය පෙන්වන්න දැන් අනිත් අයත් දෙන්නෙ “ටකරං” නම්. සමහර ළමයින්ගෙ නම කියන්න වරැවක් යනවා.පොතක පරිච්චේදයක් වගේ. මේකට සමහර එවූ ප්‍රතිචාර (12ක්)පළ කරන්න නොහැකි සංසදයේ(18+) ප්‍රතිපත්ති වලට ගරැකල යුතු නිසයි.හැබැයි මම නම් පැය ගානක් බඩ අල්ලගෙන හිනා වුනා.(හිනා වෙන්න ආස නම් ඊයක් දාන්න)

7 | පොතේ ගුරා

May 3rd, 2009 at am 8:46

Avatar

අපේ පාසලෙත් ලමයෙක් හිටිය කංචුක කියල..ඒකෙ එක් තේරුමක් තමයි ‘වද’ කියන එක..තව අපේ අක්ක කෙනෙක්ගෙ නම නාලිකා! ඒ වචනෙට ඇතින්න කියල තේරුමකුත් තියනවලු..හැබැයි අක්ක නම් ඉරෙට්ට වගේ..අහ්..මගෙයි නංගිගෙයි පුරුද්දක් තමයි පත්තර වල තියෙන පුන්චි ළමයින්ගෙ නම් බලන එක! මේ ළගදි තිබුන නමක් “බ්‍රත්මි බෘධාරා” කියල (වාසගම සිංහල )..තේරුම නම් මම දන්නෙ නෑ..හැබැයි දැක්ක ගමන් හිනා යනව!

8 | Dhanapala

May 3rd, 2009 at am 9:15

Avatar

හික් හික් ඇත්ත තමයි. ඕව්ව ඉතින් එක එකාගෙ මන්ස්ගාතනෙ. ඉස්සර නම් හරියට ගණ පිහිටවල. කාලයටයි. පවුලටයි ගැලපෙන්න නමක්. පවුල හොඳටම දන්න කෙනෙක් (ගොඩක් වෙලාවට ගමේ පංසලේ හාමුදුරුවෝ) දැම්මෙ. අද එහෙමයෑ. ගණ දන්නව කියල පෙන්නන්න. දිව උලුක් වෙන එකක් දානව

අර හිනාවෙනෙ ටික ඊයක් දාන්න. ලිපිනය ඇති :|

9 | පිටස්තරයා

May 3rd, 2009 at am 9:49

Avatar

මේක කියන එක හොඳද මන්දා.. යාළුවෙක් ඉන්නවා ටෝෆල් කියලා. මිනිහාගේ තාත්තා ප්‍රසිද්ධ ඉංග්‍රිසි ගුරුවරයෙක්

10 | deeps

May 3rd, 2009 at pm 3:06

Avatar

අනේ මන්දන්නෙ නෑ ලංකාවෙ නම් වලට මොකක් වීගෙන එනවද කියලා. මගේ යාලුවෙක් හිටියා “මහීෂා” කියල

11 | meegodaya

May 3rd, 2009 at pm 3:27

Avatar

@deeps
දැන් කොහොමත් “මිනිස්සු” අඩුයිනේ ..!

12 | චතුරංග රූපසිංහ

May 3rd, 2009 at pm 7:46

Avatar

කතාව සහතික ඇත්ත

13 | -බිன்ku-

May 4th, 2009 at am 2:47

Avatar

ඇත්ත තමා කතාවත්. අනේ මන්දා ඔහොම ගිහින් මොන නමක් තියෙද මන්දා කටටම කියන්න.

මගේ යෙහෙලියෙක්ට තිබ්බෙත් මාරම මාර නමක්ග එක දාන්න බෑ මෙතන නම්.

මේකට සමහර එවූ ප්‍රතිචාර (12ක්)පළ කරන්න නොහැකි සංසදයේ(18+) ප්‍රතිපත්ති වලට ගරැකල යුතු නිසයි.හැබැයි මම නම් පැය ගානක් බඩ අල්ලගෙන හිනා වුනා.(හිනා වෙන්න ආස නම් ඊයක් දාන්න)
මට එවන්නකෝ binku(at)binku.co.cc

14 | meegodaya

May 4th, 2009 at pm 12:08

Avatar

පල කරන්න තරම් නොසුදුසු ප්‍රතිචාර ඊමේල් හරහා ලබා දෙන්න සුදුසුදැයි ඔවුන් (එම අයිතියට ගරැ කරමි)නැවත (සමහර ඒවා තර්ඡනාත්මකය)විමසා ඇත.පල නොකිරීමේ හේතුව මුලදීම ලියා ඇත.ඒවා ඉතාම සරල ආශ්වාදයක් සඳහා වුවද ඊමේල් කිරීමට එකඟ වීම වැරදි තීරනයකි. කමත්වා!

15 | ecH

May 4th, 2009 at pm 1:51

Avatar

මමත් කාලයක් ළදරු පාසල්වල පින්තූර ගන්න ශිල්පීන්ගෙ ග්‍රැ‍ෆික් වැඩ කලා. ඒ කාලෙ අහුවුණා එක එක නම්. වැඩේ කියන්නෙ සමහර අම්මලා තමන්ගෙ දරුවගෙ නමවත් ලියාගන්න දන්නෙ නෑ. ඒ තරම් නම සිම්පල්.

16 | malee_msg

May 4th, 2009 at pm 4:40

Avatar

හික් හික්….! ම‍ටත් සමහර වෙලාවට ඇහෙනවා එ‍ක එක පොඩි උන්ගේ නම්‍.‍‍‍.. අනේ මන්දා පුංචි කාලේ නම මතක තියා ගන්න පුදුම ගේමක් දෙනවා ඇත්තේ‍..

17 | -බිன்ku-

May 4th, 2009 at pm 8:38

Avatar

14 සම්බන්ධයෙනි. කමක් නැති වේවා! :)

18 | meegodaya

May 4th, 2009 at pm 9:54

Avatar

@binku-
ඔබගේ මහත්මා ගතිය අගය කරමි. ස්තුතියි!

19 | sanjeewa

May 19th, 2009 at am 2:21

Avatar

මමනම් දන්නෙ නැහැ ඔය නම්වලින් මොන මොන දේවල් අදහස් කරනවද කියල. ඒත් අර කියන්න වගෙ කියාගන්න පුලුවන් නමක් දැම්මහම ඉවරයිනෙ. අනික නම්වල තේරුම් වලින් වාසනාව ගෙනෙනවා කියන්නෙ පට්ටපල් බොරුවක්. අරිසෙන් අහුබුදු යි එයාගෙ දුව සමන්තියී අපේ මිනිස්සුන්ගෙ මෝඩ අදහස් වලින් හොඳට හම්බ කරනවා

ප්‍රතිචාර පෝරමය