සමහර සිංහල බ්ලොග් පිටුව පිරෙන්න සෑහෙන වෙලාවක් යනවා.හරියට photoshop වගේ.සමහර පිටු වලට උපාංග අවශ්‍යයිළු. අපට නම් දැල වටේ කරක් ගහලා ආයිත්තම් හොයාගන්න පුළුවන් කියමුකෝ, ඒ වුනාට යන්තරේ ගත්ත ගෙනාව විදියටම (සම්පත් හෝ මුදල් හිගය-දුරකථන සබඳතා නැති-නොදන්නා-පරන මයිනර් වගේ වෙනස් කරන්න අකමැති-බය)පරිහරනය කරන අය මේ වාගේ ලස්සන තොරන් බලන්නෙ කොහොමද? කොන්ත නෝනගෙ කොන්ඩෙ කොන්ත නෝනට ඕන ඕන විදිහට හරව හරව බඳින්න කාගෙන්වත් අවසර ඕන නැහැ තමයි.නමුත් ඉතිං..අනේ මන්දා අපේ අය හිතා බලත්වා !නව විලාසිතා නව තාක්ෂණය පොතට විතරක් නොව, ක්‍රියාවට සම්බන්ද කර නොගැන්නා ඡාතිය එක තැනමයි.මම අදහස් කරන්නේ සරල සිංහල බ්ලොගයකට සමහර ආභරණ බර වැඩි බවයි. උදාහරන සැපයීම වරදක් වේ දෝ යන හැඟීමෙන් නම් කිරීමෙන් වැලකී සිටිමි.පසු වදන-, මෙහි තිබූ පින්තූර ඉවත් කරණ ලදී.


Recent Comments