Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

14 May, 2009

මළ සේක…!

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

පහු ගිය දවස් වල රීඩර් එකෙන්වත් සිංහල බ්ලොග් කියවන්න ඉඩක් ලැබුනේ ඉතා අඩුවෙන්.රඡයේ හෝ සමාගමක රැකියාවක් කරන පිංවතුන්ලට නම් දවසේ කොයි වෙලාවක හරි වචන පහක්වත් ලියාගන්න ඉඩක් ලැබෙනවානේ.මට නම් වැඩ වලට අමතරව ලෙඩකුත් වැටුනනේ. බොහෝ අය වගෙ මමත් ආරක්ෂකයා හැටියට බඳවගෙන හිටියෙ AVAST.ගිය සතියේ ටොරන්ට් 5ක් බාන්න දාල නිදාගත්තා.මල සේක..! උදේ බලද්දී මේයකා(අවාස්ත් වයිරස් ගාඩ් එක) මට කිසිම තැනකට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ.CONTROL PENEL-ADD OR REMOVE-ගිහින් විසඳුමක් ගන්න දෙන්නෙත් නෑ.UNINSTALL කරන්න දෙන්නෙත් නෑ.PROGRAM FILES වල හැංගිලා ඉඳලා අල්ලගත්තා.මොන ශිල්ප දැම්මත් මෙයා පිස්සු කෙළිනවා.රාත්‍රියේ හොල්මනකට බයවෙලා.මට මෙයා එක්ක නාඩගං නටන්න වෙලාවක් නෑ.මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝඡනය ගන්න හිතාගෙන, ‘එළිසබෙත්” නැන්දාගෙ රටේ ඉන්න අක්කට කථාකරල එයාලගෙ ආයතනයේ පරිහරනය කරන genuine windowsපිටපතක් සමඟ kaspersky2009 ‍ගෙන්වා ගෙන දැම්මා orginal බඩු. පාටිෂන් එකයි,මගේ නමයි,key එකයි විතරයි දෙන්න තිබුනේ.update වෙලා IE8-WMP11 එක්ක ලස්සනට වැඩ.( FOSS කට්ටියගෙ නම් කට පොපියනවා ඇති. බනින්න, අවසරයි ! ) kaspersky 9 තරමක් දරදඩු වැඩිද මන්දා.හැම එකටම හොට දාන එක වෙලාවකට කරදරයක්.     (2 වැනි කොටස බලාපොරොත්තු වන්න.)

"මළ සේක…!" සඳහා ප්‍රතිචාර 5 යි

1 | යූත්මැක්ස්

May 14th, 2009 at pm 6:53

Avatar

අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො෴ හික් හික්

2 | ගයන්ත

May 14th, 2009 at pm 8:06

Avatar

මට නම් ඉතින් Kaspersky තමයි…

avast දිරවන්නෙ නෑ..
(avast කස්ටිය, බනින්න ලෑස්තිවෙන්නෙ නෑ ඕන්!!)

3 | Nuwan

May 14th, 2009 at pm 10:37

Avatar

AVG 8.5 internet security ekath narakama naha

4 | Uraj Deemantha

May 15th, 2009 at am 4:08

Avatar

අපෝ අවස්තියා චාටර්…………. කැස්පර්ස්කි රොක්ස්……….. හික් හික්ස්………!!

5 | -බිன்ku-

June 6th, 2009 at am 1:51

Avatar

මට නම් කැස්පර් අහසේ අරභං අනිත් සම(හ)රක් එව්වා වගේම,මට වැඩියෙන් අල්ලන්නේ ESET NOD32 රෝබෝ උන්දෑ. හරි හෑන්ඩ්සම් ඇන්ඩ් පවර්ෆුල්! ;)

ප්‍රතිචාර පෝරමය