Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

මීගොඩයාගේ කොළම

26 Apr, 2009

ඉතිං ඔන්න පටන් ගත්තා….

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඉතිං ඔන්න මමත් පටන් ගත්තා බ්ලොග් හෑල්ලක්.කොම්පුටරයක් තිබුනට මට මහා ලොකු තාක්ෂණික දැනුමක් නම් නෑ.අනිත් එක අපි හොඳට කන බොන මිනිස්සු.(ඒක කියන්න සමහර අය කැමති නෑනේ)මුලදීම මේ ටික ලියලා තිබ්බම කැමති කෙනෙකුට කැමති විදිහට ගල් මුල් එවන්න පුළුවන්නේ.

අද හාපුරා කියලා ලියන්න පටන් ගත්තට අවුරැද්දට (තාම අවුරැදු -අද අප්‍රේල් 26)ගහපුවා තාම වැඩ.මුල්ම හෑල්ල  පොළොස් ඇඹුලක් ගැනයි. මේ දවස් ටිකේම තුන් ඡාතියෙන්ම මස් කන්න සිද්ධ වුනා(මොන අමාරැකම් තිබුනත් අවුරැද්දට යනඑන  අය වෙනුවෙන් මොනවා හරි විශේෂ දෙයක් හදන එක සිංහල අපේ යුතුකමනේ)දැන් නම් ටික දවසකට අරහං.ඉතින් මට හිතුනා වෙනසක් කරන්න.අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අවසර අරන් (හැබැයි එයාට ගහ පැත්තට වත් එන්න එපා කිවිවා..)අමාරැවෙන් බඩ ගාල කඩා ගත්තා පොළොස් ගෙඩියක්.(ගස් නගින්න නම්  යාන්තමට වගේ පුළුවන්.ඒත් බහින්න ගියාම තමයි ලෙලි යන්නේ)කව්රැත් දාන තුනපහ වලට අමතරව කෝපිකුඩු-බුලත්විටට කන හුණු ටිකක්-එනසාල්-කරාබු නැටි-සේර-දියකරි මිටිකිරි එකට දාල, තවාගත් කෙසෙල් කො‍ලේකින් මුට්ටියේ කට වහලා,(රෙදි පටියකින් ගැට ගහන්න) හිඳෙන පදම ආසන්න වන තුරැ කිසිම හැන්දක් නොදා උයා ගත්තම දවස් තුන හතරක් තියාගෙන බත් මරන්න පුළුවන් !(‍කෑමවල රසය ලබා ගැනීමේ රහස තුනපහ පදමයි)උයලා බලන්න.

29 Mar, 2009

පළකරන ලද්දේ : meegodaya විසින් වර්ගීකරණය නොකළ තුලයි.

සියළු සිරින් පිරි අපේ දූපතේ සිදුවෙමින් පවතින  සිද්ධ වෙච්ච හැට හුට හමාරක් අලකලංචි, දරාගන්න බැරි සංවේදනා ආදිය කුරැටු ගාන මීගොඩයාගේ කොළම ගැන ඔබට හිතෙන දේ(සඟිස්කෘතියට ගැලපෙන විදියට ශුද්ධ හිංඟලෙන්ම) ලියා දාන්ඩ.